
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් බිරිඳට හොරෙන් අධිකරණයෙන් දික්කසාදය ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයකුව ගම්පොළ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.
නාවලපිටිය, වැල්ලරඹුකපිටියේ පදිංචි 54 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
නාවලපිටිය පොලිසියේ සේවය කරන සැකකාර නිලධාරියා දිසා අධිකරණයට ව්‍යාජ ලිපිනයක් සහිත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර දික්කසාද වූ බව නඩුවේ තීණ්දුව ගෙන ඇතැයි බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
මේ අනුව අධිකරණයට කරුණු වාර්තා කර පැමිණිල්ල සමග ඉදිරිපත් කළ ලේඛන හා සැසඳීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇතැයි හෙළි වී තිබේ.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart