
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගොනු කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) ප්‍රතික්ෂේප කළේය.
2023 පළාත් පාලන මැතිවරණය කල්දැමීම මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට තහවුරු කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඔස්සේ ඉල්ලා ඇත.
බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත.
මාර්තු 09 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ 2023 පළාත් පාලන ආයතන මැතිවරණය කල්දැමීම ශ්‍රී ලංකාවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව පෙන්වාදෙමින් ජාතික ජන බලය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (PAFFREL) විසින් මෙම පෙත්සම් දෙකක් ගොනු කරන ලදී.
පෙත්සම් විභාගයේදී මූලික විරෝධතා මතු කරමින් නීතිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart