
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධි මූල්‍ය ආයෝජනයක නිරත වූ බව කියන MTFE නැමැති ආයතනයක අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙකුගේ බැංකු ගිණුම් වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
එලෙස කැඳවීමට නියෝග කෙරුණේ දර්ශන ජයවර්ධන, කනක ගුණසේකර, රසික ලක්මාල්, හා එරික් පියුමාල් නැමැති සැකකරුවන්ගේ බැංකු වාර්තාය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා එම සැකකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ(9) කළ ඉල්ලීමක් සළකා බලමින් අධිකරණය එම නියෝගය නිකුත් කළේය.
මහ බැංකුව තම දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart