
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව අද (08) පැවැත්වීමට නියමිත විරෝධතාවකදී රාජගිරිය මැතිවරණ කොමිසම අවට මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ටිල්වින් සිල්වා, කේ. ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ, විජිත හේරත් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. මීට අදාල ඉල්ලීම සිදු කර ඇත්තේ වැලිකඩ පොලිසියයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රවේශ මාර්ගවල උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සදහා අවහිරයක් මෙන්ම මහජන පීඩාවක් සිදුවන බවට කරුණු දක්වමින් මෙම ඉල්ලීම පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart