
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තනතුරේ රාජකාරි ආවරණ කටයුතු තහනම් කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ සගයන් යැයි කියන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නාය.
එකී විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය මෙම අවසරය ලබාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
පොලිස් බුද්ධි අංශයට ලැබී ඇති රහසිගත තොරතුරකට අනුව එකී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇති බව පෙන්වාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම අවසරය ලබාදුන්නාය.
දේශබන්දු තෙන්නකෝන්ගේ ජීවිතයට ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන කංජීපානි ඉම්රාන්ගේ ප්‍රබල තර්ජනයක් එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකු හෝකන්දර පිහිටි තෙන්නකෝන්ගේ නිවසටම ගොස් ඔහුට දන්වා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart