
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල කොටුව ලන්දේසි රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල්පර අද්දර සිට මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීම සඳහා අවට සිටි පිරිසක් තම ජීවිත පරදුවට තබා කටයුතු කර තිබේ.
සිද්ධිය එම ස්ථානයේ සිටි එක් අයකු විසින් වීඩියෝ ගතකර ඇත.
වාර්තාවලට අනුව, ඊයේ සවස මෙම යුවළ ගාලු කොටුවේ ලන්දේසි රෝහල පිටුපස ඇති ගල්පර අද්දර සිටියදී හදිසියේම ශක්තිමත් රළ පහරක් හේතුවෙන් ඔවුන් දෙදෙනාම මුහුදට ඇද වැටී ඇත.
සිද්ධිය දුටු ලන්දේසි රෝහලේ ආරක්ෂක හා පරිපාලන භාර නිලධාරියා ඔවුන් බේරා ගැනීම සඳහා මුහුදට පැන ඇත.
පසුව ඔහු අවට සංචාරක ආයතනවල පිරිසට දැනුම් දුන් අතර, ඔවුන් යුවළ බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත විය.
අහංගම සහ ලනුමෝදර පදිංචිකරුවන් වන බේරාගත් යුවළ පසුව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart