
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවම ආදායම් සීමාව තීරණය කරන ජාතික දරිද්‍රතා රේඛාව දශකයකට වැඩි කාලයක් තුළ තුන්ගුණයකින් වැඩි වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දී තිබේ.
2024 ජනවාරි මාසයේදී ජාතික දරිද්‍රතා රේඛාව රු.17,014ක් ලෙස එහි සදහන්. එය 2012/13 දී රු. 5,223 කි.
දරිද්‍රතා රේඛාව ඉහළ ගිය විට ස්ථාවර ඉහළ යෑමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එය 2012/13 දී 5,223 ක්, 2016 දී රු.6,117 ක් සහ 2019 දී රු. 6,966ක් ලෙස පැවැතිණි.
ජාතික දරිද්‍රතා රේඛාව 2023 දී දෙගුණයකට වඩා ඉහළ ගොස් පසුගිය ජනවාරි මාසය වන විට රුපියල් 15,970ක් බවට පත්ව තිබිණි.
කොළඹ දිස්ත්‍රික්කය ඉහළම දරිද්‍රතා රේඛාවක් වාර්තා කර ඇති අතර එය 2024 මැයි මාසයේදී රු.17608 කි. එය 2024 ආරම්භයේ දී රුපියල් 18350ක් විය.
ආසන්නතම දෙවන අගය ගම්පහ රු.17571ක් ලෙසත් අනතුරුව කළුතර රු.17138 ක් ලෙසත් දැක්වේ.
දත්ත වලට අනුව 2024 මැයි මාසයේදී මොණරාගල සහ හම්බන්තොට ජීවත් වීමට පහසුම දිස්ත්‍රික්ක දෙක බවට පත්ව ඇත.
ඒවායෙහි ජාතික දරිද්‍රතා රේඛාව පිළිවෙළින් රු.15610ක් සහ රු. 15862ක් ලෙස සටහන් වේ.
සපයා ඇති දත්ත මත පදනම්ව, පසුගිය දශකය පුරා සියලුම දිස්ත්‍රික්ක පුරා සමස්ත ජීවන වියදම ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart