
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි දූෂණ නඩුවේදී තවත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනකු කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබේ.
මෙම නඩුව පසුගියදා කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල හමුවේ කැඳවා තිබිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා දෙකක් යටතේ අධිචෝදනා ගොනුකර ඇත.
එහිදී පෞද්ගලික සමාගමකට අයුතු මූල්‍ය ලාභයක් ලබාගැනීමට පහසුකම් සැලසීම සහ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ සමයේ රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් රජයට සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
සිලෝන් ෆර්ටිලයිසර් සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහාහේවා සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරිනී ජයත්මා පතිරණ මෙහිදී සාක්ෂි ලබාදී ඇත.
2014 වසරේ සිදුවූ බව කියන අදාළ අක්රමිකතාව 2017 වසරේ විගණන වාර්තාවට ඇතුළත් කර තිබූ බව ජයත්මා පතිරණ අධිකරණය හමුවේ පවසා තිබේ.
එමෙන්ම අදාළ සමාගමෙන් රුපියල් මිලියන 6.6ක මුදලක් අයකර ගැනීම සඳහා මේ වන විටත් නඩු කටයුත්තක් ක්‍රියාත්මක වන බවද ඇය සඳහන් කර ඇත.
2014 වසරේ කුමාර ජයකොඩි සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ සමයේ මාර්ග කාපට් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවූ බව හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහාහේවා සාක්ෂි දෙමින් පවසා තිබේ.
මෙම ටෙන්ඩරය සිලෝන් ෆර්ටිලයිසර් සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් කිරීම සඳහා සුදුසු ලංසුකරුවකු තෝරා ගැනීම වෙනුවෙන් කැඳවා තිබූ බවද ඔහු පවසා ඇත.
කෙසේවෙතත්, එම ටෙන්ඩර් ක්‍රියාවලිය සම්පූර්ණ වී නොමැති අතර, කොන්ත්‍රාත්කරු විසින් රැගෙන ආ ඇතැම් ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රයේ ගොඩගසා තිබූ බවද ඔහු අධිකරණයට සඳහන් කර තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අසිත ඇන්තනි පෙනීසිටියේය.
නඩුව ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart