
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට පවතින සාගර තාප මට්ටම තවත් මාසයක පමණ කාලයක් පැවතියහොත් ශ්‍රී ලංකාව අවට මුහුදේ කොරල්පර මියයෑමේ අවදානමක් පවතින බව ඉහළ පෙළේ විද්‍යාඥයෙක් පවසයි.
ඉන්දියාවේ ලක්ෂද්වීප් මුහුදේ සහ මන්නාරම් බොක්ක ආශ්‍රිතව කොරල්පර දරුණු ලෙස සුදුවීමේ තැතිගන්වනසුළු තත්ත්වයක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයට (NARA) අලුතින් පත් වූ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.අරුලානන්දන් පවසන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 දක්වා ඉහළ ගොස් සති දෙකක කාලයක් පැවති බවයි.
මෙරට අවට කොරල්පරවල තත්ත්වය පිළිබඳ නාරා ආයතනය කිසිදු පරීක්‍ෂණයක් සිදු නොකළ නමුත් සුදුවීම වැළැක්විය නොහැකි බව ඔහු පෙන්වා දී තිබේ.
“උණුසුම් මට්ටම සෙල්සියස් අංශක 27-28 අතර උච්චාවචනය වුවහොත් එය කොරල්පර සෞඛ්‍යයට යෝග්‍යයි. දැනට පවතින ඉහළ මට්ටම තවත් මාසයක පමණ කාලයක් පැවතියහොත් කොරල්පර මැරෙන්න පුළුවන්” යනුවෙන් ඔහු ප්‍රකාශකර ඇත.
සමුද්‍ර තාප තරංග යනු අසාමාන්‍ය ලෙස ඉහළ යන සාගර උෂ්ණත්වය දීර්ඝ කාල පරිච්ඡේදයක් පැවති විට ඇතිවන දුර්ලභ ආන්තික කාලගුණික සිදුවීමකි.
කොරල්පර විරංජනය හෙවත් සුදුවීම සිදුවන්නේ ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වූ විටය.
එවැනි තත්වයන් යටතේ, කොරල්පර ඔවුන්ගේ පටකවල ජීවත්වන අන්වීක්ෂීය ඇල්ගී, ඒවාට පෝෂ්‍ය පදාර්ථ ලබා දීම සඳහා වගකිව යුතුය.
එහි හුණුගල් සැකිල්ල සෑදීමට උපකාර වන ඇල්ගී වර්ග දුසිම් ගණනක් කොරල්පර තුළ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතාවයකින් ජීවත් වන අතර එමඟින් කොරල්පරවලට වර්ණය, පෝෂණය සහ ජල සංයුතියේ සුළු වෙනස්කම් ලබා දේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart