
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳනතුරු එම කාරක සභාව නොකැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද නිවේදනය කළේය.
කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර එම ධූරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව කථානායකවරයා මෙම නිවේදනය නිකුත්කර තිබේ.
“මහාචාර්ය බණ්ඩාරට අදාළ ප්‍රශ්නය ස්ථාවර නියෝගවලට අනුව කෝප් කමිටු සාමාජිකයන් විසින් විසඳිය යුතුයි” යනුවෙන් කථානායකවරයා පැවසීය.
අද පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතව තිබූ කෝප් කමිටු රැස්වීමද අවලංගු කළ බව කථානායකවරයා නිවේදනය කළේය.
මීට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියාසිටියේ නිර්දේශ නිකුත්කිරීමෙන් වැළකී සිටීමෙන් කෝප් කමිටු සභාපතිවරයා සිය රාජකාරිය පැහැරහැර ඇති බවට ශ්‍රී ලංකා විගණන සේවා සංගමය ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළි වී ඇති බවයි.
රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් යුත් කොළඹ ව්‍යාපාරික පාසල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ව්‍යාපාරික ගනුදෙනුවකට පැමිණ ඇති බවද අනාවරණය වී ඇතැයි විපක්ෂනායකවරයා පැවැසීය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද රංජිත් බණ්ඩාර එම ධුරයෙන් ඉවත්කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
“මහාචාර්ය බණ්ඩාර අඩුම තරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පරීක්‍ෂණවලින්වත් ඈත් කළ යුතුයි” යනුවෙන් ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart