
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යැන් 6 (Shi Yan 6) අද (25) කොළඹ වරායට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.
රුහුණු විශ්වවිද්‍යාලය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව මෙම චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට ළඟා වන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) මීට පෙර ප්‍රකාශ කළේය.
පසුව රුහුණු විශ්වවිද්‍යාලය නිවේදනය කර ඇත්තේ, මෙම නෞකාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ පර්යේෂණ වැඩසටහනින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.
නෞකාව සමඟ එක්ව පර්යේෂණ කිරීමට එකඟ වූ විශ්වවිද්‍යාලය නියෝජනය කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් විදේශගත වී ඇති බවත්, අනෙක් කථිකාචාර්යවරයා මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවත්, රුහුණු විශ්වවිද්‍යාලය නිවේදනය කර ඇත.
මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන බව එරට පුවත් සේවා වාර්තා කර තිබිණි.
මේ අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අනුව ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණයවලින් කොටසකට සහන ලබාදෙන බව චීනය විසින් නිල අවශයෙන් ප්‍රකාශ කරන ලද්දේ, මෙම නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදෙන බව විදේශ ඇමැති අලි සබ්‍රි පසුගියදා ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart