
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.
හෙතෙම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කොට, ඒ සදහා සුදුසු දඩුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා තිබේ.
පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී මෙම පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart