
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණයට අපහාස කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේට එරෙහිව සමගි ජන බලවේගයේ සාමාජික රෙහාන් ජයවික්‍රම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
තම පුරවැසිභාවය පිළිබඳ අධිකරණ තීන්දුව පිළිනොගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ ඩයනා ගමගේට අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල විය.
රෙහාන් ජයවික්‍රමගේ නීතීඥ තර්මජා තර්මරාජා මාර්ගයෙන් මෙම අයදුම්පත ඉදිරිපත් කර ඇති අතර ඔහු වෙනුවෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඉවත් කෙරිණි.
ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යනුකූල සුදුසුකම් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
කෙසේවෙතත්, පසුව ඇය මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තමන් එම තීන්දුවට එකඟ නොවන බවයි.
ගමගේ මන්ත්‍රීවරියක් වීමට සුදුසුකම් නොලබන බව ශ්‍රී ලංකා අධිකරණයක් විසින් තහවුරු කිරීමෙන් පසු යුක්තිය පතා අන්තර්ජාතික අධිකරණයක් හමුවට යෑමටද ඇය සළකා බලයි.
ඇයගේ සැමියා වන සේනක ද සිල්වා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ අධිකරණ තීන්දුවෙන් පසු ඇය සියලු විකල්පයන් දෙස බලන බවයි.
ශ්‍රී ලංකාව තුළදී ඇයට යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වුවහොත් අන්තර්ජාතික අධිකරණයක් හමුවට යෑමේ විකල්පයන් පිළිබඳ සළකා බලමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart