
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඊයේ රාත්රියේ සිට ආනයන අපනයන බහාලුම් ප්රවාහන ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා එක්සත් බහාලුම් ප්රවාහන හිමියන්ගේ සංගමය (AIUCTOA) තීරණය කර තිබේ.
ඒ අනුව ආනයන අපනයන බහාලුම් ප්රවාහන ගාස්තු සියයට පහකින් ඉහළ දමා ඇත.
තම ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව සියලුම ආනයනකරුවන් සහ අපනයනකරුවන් සහ නිෂ්කාශන ආයතන දැනුවත් කිරීමට පියවර ගන්නා බව එම සංගමය පවසයි.
ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ දැමීම කන්ටේනර් නැව් කර්මාන්තයට සෘජුවම බලපා ඇත.
කන්ටේනර් රථ හිමියන්ට ගාස්තු වැඩි නොකර ඩීසල් මිල ඉහළ යෑම දරාගැනීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බව ද එම සංගමය දන්වා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart