
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළඹෙන මහ මැතිවරණයට පෙර දේශපාලන පදනමක් ලබාගැනීම සඳහා පාලක භාරතීය ජනතා පක්ෂය කච්චතිව් පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමින් සිටින බව ඉන්දීය කොංග්රස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු වන පී.චිදම්බරම් පවසයි.
එය ශ්‍රී ලංකාව තුළ වෙසෙන දෙමළ භාෂාව කතාකරන මිලියන සංඛ්‍යාත ජනතාවගේ අවශ්‍යතාවලට බරපතල ලෙස හානිකරන බව ද ඔහු පවසා තිබේ.
එම ප්රශ්නය ශ්‍රී ලංකාවේ දෙමළ සහ සිංහල ජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කළ හැකි බව ද පී චිදම්බරම් පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා රජය සහ දෙමළ ජනතාව අතර හෝ සිංහල සහ දෙමළ ජනතාව අතර ගැටුමක් ඇති කළහොත් ශ්‍රී ලංකාවේ වෙසෙන මිලියන සංඛ්‍යාත දෙමළ කතාකරන ජනතාවගේ අවශ්‍යතාවලට බරපතල ලෙස හානිකරන බව ඉන්දීය අගමැති මෝදි සහ ඔහුගේ රජයේ ඇමැතිවරුන් හොඳින් දන්නා නමුත් දේශපාලන හා මැතිවරණ හේතූන් මත පැහැදිලි ප්‍රශ්නයක් ඔවුන් යළිත් මතුකර බව ද පී. චිදම්බරම් පෙන්වා දී තිබේ.
එය කණගාටුදායක සහ හෙළාදැකිය යුතු කරුණක් බව ද කොන්ග්රස් පක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.
දේශපාලන හා මැතිවරණ හේතූන් මත සහ චීන හමුදාව ඉන්දියානු භූමිය අල්ලාගෙන සිටීම වැනි කරුණු සම්බන්ධයෙන් වන ජනතාවගේ අවධානය වෙනතකට යොමුකරණ භාරතීය ජනතා පක්ෂය, කච්චතිව් ගැටළුවද මතුකරමින් සිටින බව ද ඉන්දීය කොංග්රස් පක්ෂයේ සාමාජිකයා පවසා ඇත.
“කච්චතිව් යනු අවසන් වුණු ප්‍රශ්නයක්. මීට වසර 50 කට පෙර ඊට අදාල ගිවිසුමට එළැඹුණා. මෝඩි 2014 සිට බලයේ සිටිනවා. පසුගිය වසර 10 තුළ ඔහු මෙම ප්රශ්නය මතු නොකළේ ඇයි?” යනුවෙන් ඔහු විමසා සිටියි.
“චීන හමුදා ඉන්දීය භූමිය අල්ලාගෙන සිටීම, අපගේ මුර සංචාර ස්ථාන කිහිපයක් තහනම් කර තිබීම, චීන ජාතිකයන් ඔවුන්ගේ වාසියට දේශසීමා ශක්තිමත් කිරීම යන කරුණු දැන් මතුවෙමින් තිබෙනවා” ඔහු පැවසීය.
මේ අතර මීට දින කිහිපයකට පෙර ඉන්දීය කොංග්රස් පක්ෂයේ සාමාජික දිග්විජේ සිං කච්චතිව් දූපතේ ප්රශ්නය බැහැර කර තිබුණේ එය විකාරයක් ලෙස පවසමිනි.
“කිසිවෙකු එහි වාසය කරනවාද? මෙය සම්පූර්ණ විකාරයක්. අගමැති මෝදි පදනම් විරහිතව කතාකරනවා” යනුවෙන් දිග්විජේ සිං අදහස් දක්වා තිබේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රතිචාර දක්වා තිබිණි.
අගැමතිවරයා එහිදී විමසා තිබුණේ “යමෙකු ජීවත් නොවන්නේ නම් එය ලබාදිය යුතුද?” යනුවෙනි.
රාජස්ථානයේ කරෞලි හි පැවැති රැලියක් අමතමින් අගැමතිවරයා “ජාතික විරෝධී වැරදි ක්‍රියා නිර්ලජ්ජිත ලෙස සාධාරණීකරණය කිරීම” සම්බන්ධයෙන් ද කොංග්රස් පක්ෂයට දොස් පවරා තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart