
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ඇමැතිවරුන් 06 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව, අල්ලස් කොමිසම ඊයේ (30දා) පැමිණිලිකරුගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබේ.
රජයේ කැබිනට් ඇමැතිවරුන් පස්දෙනකු සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකු වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර කළ පැමිණිල්ලට අදාළව මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇත.
කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ද නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල ද වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් අයථා වත්කම් පරීක්ෂණයක් කරන ලෙස පැමිණිල්ල මගින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබිණි.
එම පැමිණිල්ල ගැන කළ කැඳවීමට අනුව ඊයේ (30 දා) අල්ලස් කොමිසම වෙත ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව, ජාමුනි කමන්ත තුෂාර මෙසේ පවසා ඇත.
“අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරනු ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම මේ ඇමැතිවරුන්ගෙන් මේ පිළිබඳව ප්‍රකාශ ගනී කියාත් විශ්වාසයක් තිබෙනවා. ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් මීට පෙර කර තිබූ ප්‍රකාශ පිළිබඳව ජනතාවගේ පවතින විශ්වාසය පළුදු නොකර කටයුතු කිරීම ඔවුන්ගේ කාර්යයක්. දූෂණ විරෝධී පනත අනුව වත්කම් උපයා ඇත්තේ කුමනාකාරයෙන්ද, ඔවුන් පැවසූ කරුණු සත්‍යයද, වංචනිකව වත්කම් පෙන්වා ඉදිරියේදී තවත් අයථා උපයා ගැනීම්වලට පෙලඹේදැයි සැකයක් තිබෙනවා.”(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart