
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා නව ජනතා පෙරමුණ අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
නව ජනතා පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන ක්‍රියාකාරි ජයසිංහ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර හා රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාස සංවිධායක සමන් රණතුංග අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිපියක් භාරදෙමින් එම ඉල්ලීම කර ඇත.
එම ලිපිය භාර දී අදහස් දැක්වු සීතාවක ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මෙසේ සඳහන් කළේය.
“පසුගිය තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් එම නඩු තීන්දුව නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් මාලිමා ආණ්ඩුව එය පරිපාලන කටයුත්තක කියා දැන් එය සාධාරණිකරණය කරන්න උත්සාහ කරනවා.
මේ රටේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරනවා ලක්මාලි මන්ත්‍රීවරිය අධිකරණයට අපහාස කර නෑ. එහිදි සිදුකර ඇත්තේ පරිපාලනමය සාකච්ඡාවක් පමණයි කියලා. නමුත් අපි ඔහුට මතක් කරන්න කැමතියි මේ වනවිට දඩුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය විසින් ද සිදු කර ඇත්තේ අධිකරණ තින්දුවක් පරිපාලනමය තීන්දුවක් නිසා ක්‍රියාත්මක කර නොසිටි ඇති බව ය.
ලක්මාලි මන්ත්‍රීවරිය විසින් එම නඩු තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස රාජ්‍ය නිලධාරින්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමෙන් අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ මාලිමා නොවන විපක්ෂයේ සාමාජිකයින්ට විතරයි ද කියලා.
සමස්ත අධිකරණ කේෂ්ත්‍රයටම සිදුකළ අභියෝගයක් ලෙස මෙය දකින්න පුළුවන්. අධිකරණ තීන්දුවක් නිතිඥවරියක් විදිහට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට අමු අමුවේ විචේචනය කිරීම අධිකරණයට සිදු කල බරපතල අපහාසයක්. ඒ නිසා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අපි ඉල්ලනවා රටේ අධිකරණයේ ගෞරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට වහා ම නීතිය ක්‍රියාත්මක කරලා ඇයට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරන්න කියලා.”
“අධිකරණ සේවා සභාව විසින් මේ සම්බන්ධව ගනු ලබන තීරණය දෙස මුළු රට ම බලාගෙන සිටිනවා. ඒවගේම නව ජනතා පෙරමුණ විසින් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට සිදුකළ අපහාසය වෙනුවෙන් එම අධිකරණයේම නඩු පවරන්න බලාපොරොත්තු වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart