
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට විශේෂ සැත්කමක් වන එන්ඩොස්කොපික් යුෂ්ටේකිය නාළ සැත්කම ඊයේ මීගමුව මහරෝහලේ දී උගුර, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය විද්‍යා නිධි වෛද්‍ය රිස්නි සක්කාෆ්ගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකරන ලදී.
බොහෝවිට යුෂ්ටේකිය නාළයේ අවහිරතා නිසා, මැද කණෙහි ගැටළු සහ පීඩන වෙනස්කම් ඇතිවිය හැකි බව වෛද්‍ය සක්කාෆ් පැහැදිලි කරයි.
සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවේ එවැනි අවස්ථාවන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ තැන්පත් වී ඇති තරලය ඉවත්කිරීම සඳහා කන් බෙරයේ කුඩා සිදුරක් සෑදීමෙන් හෝ පීඩනය සමාන කිරීම සඳහා ග්රෝමෙට් ලෙස හඳුන්වන කුඩා ප්ලාස්ටික් නළයක් ඇතුළු කිරීමෙනි.
“කන් බෙරයට හානිකිරීමෙන් පසු, රෝගීන්ට පිහිනීමට නොහැකි අතර ස්නානය කිරීමේදී කන් වැස්මවල් භාවිතා කළ යුතුයි” ඔහු තවදුරටත් පවසයි.
නව ක්‍රියා පටිපාටියේදී, යුෂ්ටේකිය නාළයට ළඟාවීමට සහ අවහිරතාවය ඉවත් කිරීමට විශේෂිත උපකරණ භාවිතයෙන් නාසය හරහා කුඩා එන්ඩොස්කොපයක් ඇතුල් කර තිබේ.
මෙම ක්‍රමය මුල් ව්‍යුහය ආරක්ෂා කරන අතර, මැද කණ අවහිරතාවය ඉවත් කරයි. එසේම එය රෝගීන්ට කල් පවතින සහනයක් ලබාදෙයි.
ඊයේ සැත්කම ශල්‍යාගාරයේ සාමාන්‍ය නිර්වින්දනය යටතේ සිදුකර තිබේ.
කෙසේවෙතත්, බාහිර රෝගී හෝ සායන තුළ හිරිවැට්ටවීම යටතේ ද එය සිදුකළ හැකි බව වෛද්‍ය සක්කාෆ් සඳහන් කරයි.
“මෙම ආකාරයේ සැත්කමක් මීට පෙර ශ්‍රී ලංකාවේ සිදුකර නොමැති නමුත් ඉන්දියාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ සිදුකරනවා.” වෛද්‍ය සක්කාෆ් පවසයි.
එක්සත් රාජධානියේ සිටියදී මෙම ක්‍රියා පටිපාටිය සිදුකිරීමෙන් අත්දැකීම් ලබාගත් බවත් එය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට උනන්දු වූ බවත් ඔහු සඳහන් කරයි.
ඊයේ, මෙම වෛද්‍ය කණ්ඩායම රෝගීන් තිදෙනකුට සාර්ථකව එම සැත්කම කළ බව ඔහු තහවුරු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart