December 14, 2025

2015 වසරේ පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිවැරදි තීරණයක් ගෙන රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම හමුවේ 2016 වසරේදී රට මුහුණ පෑ ගංවතුර තත්වය හමුවේ ආපදාව කළමනාකරණය කර ගෙන ඊට සාර්ථකව මුහුණදීමට හැකි වූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

රාජ්‍ය යාන්ත්‍රණය හරහා රක්ෂණ ක්‍රමයේ කටයුතු ක්‍රියාත්මක කළ බවත්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මගින් ආපදාවට ලක්වූ ජනතාවගේ වත්කම් හා දේපළවල හානි පූර්ණ කටයුතු සිදු කරමින් ජනතාවට සාර්ථක ලෙස වන්දි ලබාදීමට හැකිවූ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ 2016 වසරේ බලපෑ ගංවතුර තත්වය හමුවේ දැඩි බලපෑම් එල්ල වූ කොලොන්නාව ජනතාවට මෙම රක්ෂණ ක්‍රමය මගින් සහන රැසක් හිමිවූ බවයි.

සියයට 90 කට පමණ පිරිසකට තමන්ට අහිමි වූ දේපළ හෝ වත්කම්වලට සමාන මුදලක් ලබා ගැනීමට හැකි වූ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.