October 1, 2024

හිටපු ජනාධිපතිවරුන්ට සහ මැති ඇමතිවරුන්ට ලබාදෙන ‘අනවශ්‍ය’ වරප්‍රසාද කප්පාදු කිරීම පිළිබඳව සළකා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.

ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මෙම පත්කිරීම සිදුකර තිබේ.

ඊට අදාළ කැබිනට් තීරණය පහතින් දැක්වේ.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන, කාර්යමණ්ඩල, කාර්යාල උපකරණ හා ආරක්ෂක නිලධාරින් ආදි විවිධ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද ලබා දී ඇත.

එකී හිමිකම්, දීමනා සහ වරප්‍රසාද ලබාදීම සඳහා මහජන බදු මුදලින් රජයට සැළකිව යුතු පිරිවැයක් වාර්ෂිකව දැරීමට සිදුවන අතර, වර්තමාන රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ මෙම අති විශාල වැය බර අවම කර ගැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර මහා භාණ්ඩාගාරය වෙත අනවශ්‍ය වැය බරක් ඇති කරන සහ තාර්කික නොවන හිමිකම්, දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමාකිරීම හෝ වෙනත් සුදුසු විකල්ප ක්‍රමවේදයන් හඳුන්වාදීම පිණිස, යෝග්‍ය නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක්, මාස දෙකක් තුළ ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් සංයුතියෙන් යුත් කමිටුවක් පත්කිරීමට අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එම කමිටුව :-

කේ.ටී.චිත්‍රසිරි – (සභාපති)
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

ඩී. දිසානායක
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්

ජයන්තා සී.ටී. බුළුමුල්ල
විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති

42.31%
17.27%
32.76%