
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් කමිටුවක් පත් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසයි.
ඊයේ (05) දහවල් 1.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර, එහිදී රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් සහ වරදකරුවන් වූ රැඳවියන් පිරිසක් අතර මෙම ප්‍රචණ්ඩකාරී ගැටුම හටගෙන තිබේ.
මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් 34 දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බව පොලිසිය තහවුරු කළේය.
බරපතළ තුවාල ලැබූවන් දෙදෙනෙකු පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.
ගැටුමෙන් පසුව රැඳවියන් පිරිසක් විරෝධය පළකරමින් බන්ධනාගාර වහලක් මතට නැග ඇති අතර, එහිදී සිව්දෙනෙකු බිමට ඇදවැටී රෝහල්ගත කර තිබේ.
තත්ත්වය පාලනය කිරීම සහ බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, විශේෂ කාර්ය බළකාය (STF) සහ යුද හමුදාව යොදවා ඇත.
මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සමස්තයක් ලෙස රැඳවියන් 36 දෙනකු රෝහල්ගත කර ඇති අතර ඉන් තිදෙනකු ප්‍රතිකාර සඳහා පල්ලන්සේන කඳවුර වෙත මාරුකර යවා ඇති බවයි.
මෙම ගැටුම රැඳවියන් අතර පමණක් සිදුවූවක් බවත්, ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් අවධාරණය කළ ඔහු, ඒ පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස රැඳවියන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියේය.
බන්ධනාගාරය තුළ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර, රැඳවියන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත සලකා බැලීම සඳහා ඉල්ලීම් කිහිපයක් ද ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart