
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව ආසියාන් – කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය සමග එක්වීමට අපේක්ෂාවෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ආසියාන් සංවිධානයේ සංවර්ධනය සහ කේන්ද්‍රීය කාර්යභාරය ඇගයීමට ලක් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටවල් අතර ඇති ශක්තිමත් සබඳතා සැලකිල්ලට ගනිමින්, ASEAN සමඟ සමීප සහයෝගීතාවයක් ඇති කර ගැනීමට උනන්දු වන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අදහස් පළ කළේ කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවති 56 වැනි ආසියාන් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්ය.
ශ්‍රී ලංකාවට වඩාත් දියුණු දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ගොඩනගා ගත හැකි ආසියාන් සංවිධානය සමඟ වඩාත් සමීපව සහයෝගයෙන් කටයුතු කිරීම තම රජයේ ප්‍රතිපත්තිවලින් එකක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් ඉදිරි දැක්මට ශ්‍රී ලංකා රජය සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ප්‍රතිලාභ ලබා දෙන ආසියාන් රටවල වෙළෙඳ, ආයෝජන සහ සංචාරකයන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ආසියාන් දූත මණ්ඩල ප්‍රධානීන් විසිනි.
සෑම වසරකම ආසියාන් දිනය සැමරීම සියලුම සාමාජික රටවල සහ දූත මණ්ඩලවලදී සිදු කෙරේ.
1967 අගෝස්තු 8 වැනිදා, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල නායකයින් එක්ව බැංකොක් හිදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය හෙවත් ආසියාන් සංවිධානය පිහිටුවා ගත්හ.
මේ වසරේ එහි සභාපතිත්වය හිමිව ඇත්තේ ඉන්දුනීසියාවටය.
ශ්‍රී ලංකාව 2007 දී ASEAN කලාපීය සංසදයට (ARF) සම්බන්ධ වූ අතර එම වසරේම ASEAN හි මිත්‍රත්වය සහ සහයෝගීතා ගිවිසුමට අත්සන් කළ රටක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart