
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ඇමෙරිකා එක්සත් ජනපදය සමග පැවති තරගය ලකුණු 39කින් පහසුවෙන් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වෝ සියලු දෙනා දැවී ලකුණු 297ක් රැස් කළහ.
කොදෙව් පළමු කඩුලු 2 ලකුණු 14ක් තුළ දවා ගනිමින් ඇමෙරිකානු පන්දු යවන්නන් ප්‍රබල ආරම්භයක් ලබා ගත්ත ද එම රිද්මය පවත්වා ගෙන යෑමට ඔවුන්ට නොහැකි විය.
චාර්ල්ස්, හෝප්, චේස් සහ හෝල්ඩර් අර්ධ ශතක රැස් කර ගැනීමට සමත් වූහ.
සර්බ් නෙට්රවල්කර් සහ ස්ටීවන් ටේලර් ලකුණු 53ට කඩුලු 3 බැගින් දවා ගත් අතර කයිල් පිලිප් ලකුණු 56ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
ඇමෙරිකානු පිතිකරුවන්ට නියමිත පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 239ක් පමණි.
සිය මංගල එක්දින ශතකය රැස් කළ ගජාන්ඩ් සිං නොදැවී ලකුණු 101ක් ලබා ගනිමින් නස්තිෂ් කෙන්ජිගේ සමග එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 76ක් රැස් කළ ද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart