
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආයෝජන සඳහා හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව සළකා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ ව්‍යාපාරික ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, චීනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ආයෝජන, වෙළෙඳ හා සංචාරක සංසදයේදීය.
මෙම සංසදයට සමාගම් 100කට අධික නියෝජිතයන් 150කට අධික පිරිසක් සහභාගි වී ඇත.
අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ‘එක් තීරයක් සහ එක් මාවතක් මුලපිරුමේ’ තුන්වැනි සංසදයට සහභාගී වීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ චීනයට ගොස් සිටියි.
අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ මෙම එක් මාවතක් මුලපිරුම එහි 10 වැනි සංවත්සරය සමරනු ලබන අතර, උසස් තත්ත්වයේ සහයෝගීතාවක් ඉදිරියට ගෙන යෑමට අදාළ පාර්ශ්වයන්ට තීරණාත්මක වේදිකාවක් ද සපයනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart