
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ (මැයි 12) රාත්‍රියේ සිට කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව දැඩිකර තිබේ.
අවම වශයෙන් පුද්ගලයින් 750 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රජයට බලපෑම් කිරීමට සූදානම් වන බව බුද්ධි අංශ විසින් වාර්තා වීමත් සමඟ මෙම පියවර ගෙන තිබෙන බව වාර්තා සඳහන් කරයි.
අදාළ කණ්ඩායම කොළඹ විශ්වවිද්‍යාලය තුළ සිට කැරැල්ලක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවට නිශ්චිත නොවන බුද්ධි තොරතුරු අනාවරණය කර ඇතැයි පැවැසේ.
මෙලෙස ආරක්‍ෂාව තර කිරීමෙන් පසු පිරිස සංවිධානාත්මකව කළ උත්සාහය ව්‍යර්ථවී ඇතැයිද වාර්තා සඳහන් කරයි.
කොළඹ විශ්වවිද්‍යාලයට යාබද නිදහස් චතුරශ්‍රය, කොල්ලුපිටිය හන්දිය, අරලියගහ මන්දිරය ඇතුළු ප්‍රදේශයට පොලිසිය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදවා තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසා ඇත්තේ, “ලැබුණු යම්කිසි බුද්ධි තොරතුරක් අනුව ආරක්ෂාව සඳහා ගත යුතු අවශ්‍ය ක්‍රියාමාර්ග තමා අරං තියෙන්නේ.”යනුවෙනි.
(themorning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart