
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වීදි ලාම්පු ක්‍රියාවිරහිතවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ගවල සහ කොළඹින් පිටත මාර්ගවල ඇතැම් ප්‍රදේශ අඳුරේ පවතින අතර ඒ හේතුවෙන් රාත්රියේදී රියදුරන් සහ පදිකයන් අවදානමට ලක්ව තිබේ.
අම්බලන්ගොඩ සිට කළුතර දක්වා මෙන්ම බොරැල්ල සහ මරදාන ප්‍රදේශවල මෙම තත්ත්වය දැඩි ලෙස පවතින බවට එම මාර්ග භාවිත කරන රියදුරෝ පවසති.
ඔවුන් පවසන්නේ අඳුරේ රිය ධාවනය අනතුරකට අතවැනීමක් බවයි.
එවන් පසුබිමක, බිල්පත් නොගෙවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කර ඇති නිසා විදුලි පහන් ක්‍රියා විරහිත බව කොළඹ මහනගර සභාව පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු. එම්.එච්.ධම්මික විමලරත්න එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
“කොළඹ මහනගර සභාවට මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල බලය තිබෙනවා. අපි කරන්නේ විදුලිය ලබාදීමයි. පැහැදිලි ආරක්ෂක අවදානම් නිසා අපි කිසිදු තත්වයක් යටතේ එය කපාහරින්නේ නැහැ” ඔහු පවසයි.
එමෙන්ම එය බරපතළ ප්‍රශ්නයක් බව සඳහන් කරමින් ඉංජිනේරු. එම්.එච්.ධම්මික විමලරත්න කියාසිටියේ බල්බ පිච්චී යෑම නිසා සහ වෙනත් හේතූන් මත එම වීථි ලාම්පු ක්‍රියා විරහිත වන බවයි.
ඒවා සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම සඳහා සාමාන්‍ය ජනතාවට කොළඹ මහනගර සභාවට පැමිණිලි කළ හැකි බව ද ඔහු සඳහන් කරයි.
“කොළඹ මහනගර සභාව විසින් වරින්වර මුදල් ගෙවන අතර ඔවුන් එසේ නොකරන විට පවා අපි විදුලිය කපාහරින්නේ නැහැ” ඔහු අවධාරණය කරයි.
මේ අතර කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පෙන්වාදෙන්නේ, දිස්ත්‍රික්කය පුරා ප්‍රධාන මාර්ගවල වීදි ලාම්පු සඳහා ගෙවිය යුතු හිග මුදල රුපියල් මිලියන 48 ක් බවයි.
“එදා විදුලිබල මණ්ඩලය ඒ වියදම දැරුවත් දැන් අපිට බිල්පතක් එවලා තියෙනවා. ඒක ගෙවන්න අපිට හැකියාවක් නැහැ,” ඔහු සඳහන් කළේය.
දැනට හඳුනාගෙන ඇති වීදි ලාම්පු නොමැති නිශ්චිත මාර්ග සමඟ කොළඹ නගර සභාවේ අධික දෛනික වියදම් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කරයි.
“අපි මෙය පසුගිය මාසයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ඉදිරිපත් කළත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. ඔවුන් අනතුරු පිළිබඳව සලකා බලා අපට සහනයක් ලබාදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart