
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කොටුව දුම්රියපොළ අසල අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද සංවිධානය කරන උද්ඝෝෂණයකට අදාලව අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව උද්ඝෝෂකයන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට , ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වා ඇත.
මහජන පීඩා සිදුවිය හැකි බවට පොලිසිය කළ ඉල්ලීමක් සැළකිල්ලට ගෙන කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අදාල නියෝගය නිකුත් කර තිබේ.
රාජ්‍ය නිලධාරීන්ට සහ ජනතාවට අයුතු අවහිරයක් සිදු නොකර සාමකාවීම උද්ඝෝෂණය සිදු කළ හැකි බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කෙරිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart