
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ වරායට පැමිණ ඇති ආන්දෝලනාත්මක ‘ෂී යැන්ග් 6’ (Shi Yang 6) නම් චීන නෞකාවට ශ්‍රී ලංකා මුහුදු තීරයේ කිසියම් පර්යේෂණයක් සිදුකිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, රුහුණු විශ්වවිද්‍යාලය, සාගර විශ්වවිද්‍යාලය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) නියෝජිතයන් සඳහා මෙම පර්යේෂණ නෞකාව පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබේ.
නෞකාවේ පර්යේෂණ හැකියාවන් සහ එහි පහසුකම් පිළිබඳව නියෝජිතයන් එහිදී දැනුවත් කර ඇත.
දැනට එම නෞකාවට ඉන්ධන පිරවීම සහ ආහාර සැපයුම් වැනි අනෙකුත් අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් අනුමැතිය ලබා දී තිබේ.
මෙම නෞකාව ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුකරන ඕනෑම පර්යේෂණයක් සඳහා අවසර ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අපේක්ෂාවෙන් සිටින බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මුහුදු පත්ලේ නොව ජල තීරයේ සිදුකරන ඕනෑම පර්යේෂණයකට ඉඩ ලබාදෙන බව විදේශ අමාත්‍යංශය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
ශ්‍රී ලංකාවට පැමිණ තිබියදීත් මෙම චීන නෞකාවට පර්යේෂණ වෙනුවෙන් මෙතෙක් අවසර ලබාදී නැත්තේ, අදාළ පර්යේෂණයන්, ඉන්දියාව විසින් දැඩි අවධානයක් යොමුකර ඇති ඉන්දියානු සාගරයේ ආරක්ෂාවට බලපාන සංවේදී තත්වයන් හා බැඳුණු පර්යේෂණ වීම නිසා බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart