
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ජුනි 28 වැනිදා කඩාවැටීමට ලක්වූ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ‘පුදු පාලම’ මේ වන විට සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර පොදු ප්‍රවාහන කටයුතු සඳහා යළි විවෘත කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රදේශයේ දෛනික ප්‍රවාහන කටයුතු යථාතත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සිදුකළ කඩිනම් ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව අද දින සිට මෙම පාලම මහජනතාව සඳහා යළි විවෘත කළ බවයි.
ඉතා කෙටි කලක් තුළ මෙහි අලුත්වැඩියා කටයුතු නිම කිරීම සඳහා දිවා රෑ නොබලා කැපවීමෙන් කටයුතු කළ රජයේ නිලධාරීන්ට, ඉංජිනේරුවන්ට, සේවකයන්ට මෙන්ම ප්‍රදේශවාසී ජනතාවට ද අමාත්‍යවරයා සිය ස්තුතිය පිරිනමා ඇත.
පාලම යළි විවෘත කිරීමත් සමඟ ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට මහත් පිටුවහලක් ලැබෙනු ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart