
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සුවිශේෂී දායකත්වයක් දක්වමින් සිටියි.
දේශීය හා විදේශීය සමුද්‍රීය පාර්ශවකරුවන් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ ඒකාබද්ධ සහයෝගී ප්රවේශයකින් කටයුතු කරමින්, දිවයිනේ වෙරළ ප්‍රදේශ හා මුහුදු කලාපය ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටළීමේ මෙහෙයුම් තීව්ර කිරීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2026 වර්ෂයේ ගෙවීගිය මාස හයක (06) කාලය තුළදී පමණක් සිදුකළ සාර්ථක මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 90කට අධික දළ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව තිබේ.
එම වැටළීම්වලදී හෙරෝයින්, අයිස්, හෂීස් සහ කුෂ්, දේශීය හා විදේශීය ගංජා මෙන්ම විවිධ වර්ගයේ මත්පෙති, නීතිවිරෝධී විදේශීය දුම්වැටි සහ දේශීය මත්පැන්, බීඩි කොළ සහ විදේශීය රටක නිෂ්පාදිත බීඩි, ඇතුළු විශාල මත්ද්‍රව්‍ය සහ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අන්තර්ජාතික සහ දේශීය ජාවාරම්වලට සම්බන්ධ දේශීය සැකකරුවන් 78 දෙනකු ද වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සියලු දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමුකර තිබේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාව ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මුළුමනින්ම මර්දනය කිරීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart