
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක ක්‍රියාකාරීත්වය සනිටුහන් කරමින්, නොවැම්බර් 25 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ මහ නගර සභාව සහ නෙළුම් කුළුණ තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමට නියමිතව තිබේ.
Women In Need සංවිධානය විසින් නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පවතින සාමූහික එකමුතුකම පෙන්නුම් කිරීම මෙම ආලෝකකරණ වැඩසටහනේ අරමුණයි.
මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙස “නිහඬතාවයේ සිට යුක්තිය දක්වා” යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක් නොවැම්බර් 30 වැනිදා පස්වරු 3 සිට 6 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ කමත ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය තුරන් කිරීම අරමුණු කරගත් නාට්‍ය, සාකච්ඡා සහ සාමූහික ක්‍රියාකාරකම් රැසක් මෙම සැසියට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart