
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ උදෑසන අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් ඝාතනය කෙරුණු ප්‍රකට ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සමග මියගිය අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් ද මේවනවිට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.
එම තොරතුරු අනුව අනාවරණ වන්නේ වෙඩි තැබීමෙන් මිය ගිය එම පුද්ගලයා මීට පෙර පැවදි වී සිටි අයෙකු බවයි.
පූජ්‍ය ගම්පහ මහානාම හිමියන් ලෙස පැවිදි දිවියට ඇතුළත්ව සිටි ඔහු උපසම්පදා භික්ෂුවක් බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගම්පහ මිරිස්වත්ත නිසලවිල පදනම් විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹන්පොළ ඥාණතුසිත හිමියන් ජනමාධ්‍ය වෙත පවසා තිබේ.
අනතුරුව ගම්පහ මහානාම හිමියන් උපැවදි වූ බවත් ගිහි නම නයන වාසුල එදිරිසූරිය බවත් පූජ්‍ය අඹන්පොළ ඥාණතුසිත හිමියෝ පවසති.
ගම්පහ මහානාම හිමියන් ධර්ම දේශනා සඳහා ජනමාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධව සිටි හිමිනමක් බව ද පූජ්‍ය අඹන්පොළ ඥාණතුසිත හිමියෝ අනාවරණය කරති.
ගම්පහ මහානාම හිමියන් කලක් රුවන්වැල්ල ගෝනගල්දෙණිය වහරක දම්සක් විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස ද කටයුතු කර ඇත.
උන්වහන්සේගේ පැවිදි දිවිය අවුරුදු 18 ක් පමණ වන බව ද අනාවරණ වී තිබේ.
අනතුරුව කොරෝනා වසංගත කාලය තුළදී ගම්පහ මහානාම හිමියන් සහ ගායන ශිල්පිනී කේ සුජීවා අතර යම් සම්බන්ධයෙන් ගොඩනැගී තිබේ.
එහි ප්‍රථිපලයක් ලෙස උන් වහන්සේ විහාරයට නොපැමිණ ඇති අතර පසුව විහාරස්ථානය ඇතුළු අනෙකුත් දේපළ යළි මහා නායක හිමිවරුන්ට භාර දී උපැවදි වී තිබේ.
නයන වාසුල එදිරිසූරිය නමැත්තාට පැවිදි දිවියේදී ධර්ම දේශනා සඳහා වැඩම කර ලද විශාල මුදලක් තිබූ බව ද පූජ්‍ය අඹන්පොළ ඥාණතුසිත හිමියෝ පවසති.
ඔහු භාවිත කර ඇත්තේ BMW වර්ගයේ නවීන මෝටර් රථයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart