
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශයට පළාගොස් සැඟව සිටිමින් මෙරට ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන කරන්නේ යැයි කියන පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ තිස්අට වැනි උපන්දිනය මහ මුහුදේ යාත්‍රාවක ඔහුගේ හිතවතුන් පිරිසක් සමග එක්වී සමරා ඇතැයි වාර්තාවේ.
යාත්‍රාව බැලුම්වලින් සරසා තිබූ බවත් උපන්දින කේක් ගෙඩිය යාත්‍රාවේම කපා උපන් දිනය සමරා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඉතාලියේ සිටින එමිල් රොහාන් ලංකාදීපයට දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ඊයේ (15) අනාවරණය කර ඇත.
එමිල් රෝහන් ඉතාලි පුවත්පතක ජනමාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කරන අයෙකි.
කංජිපානි ඉම්රාන් ගේ 38 වැනි උපන්දිනය යෙදී ඇත්තේ ද පාතාල වෙඩි ප්‍රහාරයකින් මැරුම්කෑ රාජපක්ෂ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ භුමිදාන කටයුතු සිදුකළ දිනයේදීය.
ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට ඩුබායි රටේ සැඟව සිටින ලොකු පැටී නමැත්තාට කොන්ත්‍රාත්තුව බාර දී ඇතැයි කියන්නේ ද කංජිපානි ඉම්රාන් බවට පොලිසිය සැකකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart