
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ වීසා බලපත්‍ර සකස් කර ඉතාලියේ රැකියා ලබාදෙන බව කියමින් විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් ඉපැයූ, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සහාය නළුවකු විසින් මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත.
තිදෙනකුගෙන් සමන්විත මෙම සංවිධානාත්මක කල්ලියේ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව සහ කිරිබත්ගොඩ ප්‍රදේශවලදීය.
ප්‍රධාන සැකකරු ඉතාලියේ රැකියා ලබාදෙන බව කියමින් එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්‍ෂ 20කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව හෙළිවී ඇත.
මෙම කල්ලිය මෙහෙයවූ රංගන ශිල්පියා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ගණනාවක සහාය නළුවෙක් ලෙස රංගනයේ යෙදී ඇති අතර මොහු ප්‍රධාන පෙළේ නාලිකා කීපයකම රැකියාව කළ පුද්ගලයෙකි.
මේ වන විට මෙම සංවිධානාත්මක කල්ලියට ගොදුරුවූ පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් අවිස්සාවේල්ල ඇතුළු පොලිස් ස්ථාන කීපයකට පැමිණිලි ඉදිරිපත් කර ඇත.
ප්‍රධාන සැකකරු කැසිනෝ ක්‍රීඩාවට තදින් ඇබ්බැහි වූවකු වන අතර මොහු ඇතැම් දිනවල රුපියල් කෝටියක පමණ මුදලක් ඔට්ටු තබමින් කැසිනෝ ක්‍රීඩාවේ නිරතවී ඇති බව පොලිසිය පවසයි.
මෙම සංවිධානාත්මක කල්ලියට හසුවූ පුද්ගලයන් විශාල පිරිසක් අවිස්සාවේල්ලෙන් වාර්තා වන නිසා විමර්ශන කටයුතු සඳහා ඔවුන් අවිස්සාවේල්ල පොලිසියට භාරදී ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart