
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ රාජ්කුමාරි නම් ගෘහ සේවිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගයට අනුව, සැකකරුවන් ලෙස නම් කර ඇති පොලිස් නිලධාරීන් තිදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ, අදාළ නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් නමුත්,තවමත් එම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දැනුම් දී නොමැති බවයි.
අධිකරණයෙන් ලබා දෙන නියෝගයක් මග හැරීමට පොලිසියට බලයක් නොමැති බව පෙන්වා දුන් හෙතෙම කියා සිටියේ සැකකරුවන් කොතැනක සේවය කළත් අත්අඩංගුවට ගන්නා බවයි.
වැලිකඩ පොලිසියේ අත්අඩංගුවේ සිටියදී රාජ්කුමාරි නමැති ගෘහ සේවිකාවගේ මරණය මොට ආයුධවලින් පහරදීමෙන් සිදුවූ ඝාතනයක් බවත්, එබැවින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝග කළේය.
ඇයගේ මරණය සම්බන්ධයෙන් පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ වාර්තාව නිරීක්ෂණය කරමින් ඔහු මෙම නියෝගය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart