
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව ගොස් කොන්ත්‍රාත්කරුගේ පුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නකු බවට ඔහුගේ බිරිය බිය ගැන් වූ බව කියන එම දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කොට්ඨාස ඒකකයේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට මෙම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සමග පසුගිය මස 29 වැනි දින එම නිවෙසට ගොස් එලෙස බිය ගැන්වීමට කටයුතු කළ බව කියන වරාය අධිකාරියේ සේවය කරන පුද්ගලයකු සහ ඔවුන්ට මෙම කොන්ත්‍රාත්තුව බාරදුන් පුද්ගලයා තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක මත්පැන් පානය කරන බවට මහරගම පොලිසියට ලද තොරතුරක් අනුව
පොලිසිය එහි ගොස් පළායමින් සිටි වරාය අධිකාරියේ සේවකයා අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය බව මහරගම පොලිසිය කියයි.
මේ අතර හෝටලයේ මත්පැන් පානය කරමින් සිටි බව කියන බුද්ධි නිලධාරින් දෙදෙනාද පළාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම රජයේ කොන්ත්‍රාත්කරුගේ එකම පුතු මාලබේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දියණියක සමග වසර ගණනාවක සිට තිබූ පෙම් සබඳතාවකින් අනතුරුව විවාහ වී සිටින බව පොලිසිය සඳහන් කරයි.
එම විවාහයට තරුණියගේ පාර්ශ්වයේ මවුපියන් මුල සිටම දැඩිව අකමැත්ත ප්‍රකාශ කරන බැවින් තරුණිය සිය තනි කැමැත්තට විවාහ වී ඇති බව පොලිසිය කියයි.
එම මවුපියන් තම දියණියගේ සැමියාට ජීවිත තර්ජන වන ආකාරයෙන් පසුගිය කාල වකවානුවේ දී කටයුතු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මහරගම පොලිසියට ද පැමිණිලි කර තිබිණි.
තරුණියගේ පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරීන් දෙදෙනකු එම නිවෙසට එවා ඔහු මත්ද්‍රව්‍ය ඡාවාරමේ යෙදෙන්නකු බවට චෝදනා කර නීතියේ රැහැනට හසුකර දීමට සැලසුම් කර ඇති බව පොලිසිය කියයි.
එම නිලධාරීන් ඉකුත් මස 29 වැනි දින සැලසුම් කළ පරිදි ඒ අනුව දෙපානම නිවෙසට පැමිණ ඇති බවට මූළික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart