April 7, 2025

ජනාධිපති අරමුදලින් අරමුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටියේය.

පොලිසියට අනුව, දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකුට අරමුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවා ඇත.