
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක රමේෂ් මිහිරංග හෙවත් ‘මන්නා රමේෂ්‘ ඩුබායි සිට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි බලායෑමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මන්නා රමේෂ් නැමැත්තා දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ.
මන්නා රමේෂ් සිය බිරිය සමඟ කාර් රථයකින් ගමන් කරමින් සිටියදී ඉකුත් දිනෙක ඩුබායි පොලිසියට කොටු වී තිබෙන අතර, එය නිල වශයෙන් අන්තර්ජාතික පොලිසිය හරහා මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන එල්ලකරමින් මිනීමැරුම්, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධවල නිරත වන බවට මන්නා රමේෂ්ට චෝදනා එල්ල වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart