
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙහිවල වෛද්‍ය පාර, දීපානන්ද මාවතේ තම නිවසට යමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලය හා තැල්ල පුද්ගලයකු විසින් සොරාගෙන චූන්පාන් ත්‍රීරෝද රථයකින් පළා යන අයුරු CCTV කැමරාවක සටහන්ව ඇත.
පසුගිය 11 වැනිදා මෙම සිදුවීමට මුහුණපා තිබුණේ 60 හැවිරිදි කාන්තාවකි.
ඇයගේ රුපියල් ලක්ෂ 2කට ආසන්න වටිනාකමකින් යුත් රන් මාලය හා තැල්ල සොරාගත් සැකකරු චූන්පාන් ත්‍රිරෝද රථයකින් පළාගොස් තිබේ.
CCTV දර්ශන ඔස්සේ පොලීසිය පසුව සිදුකළ විමර්ශනවලදී මංකොල්ලය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය රත්මලාන ධර්මාරාම පාර බේකරියක තිබී සොයාගැනුණු අතර සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 13,470ක් සමග ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart