
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ක්‍රිස් රොජර්ස් පිළිබඳව වැඩි අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ වාර්තා කරයි.
ඒ අනුව, ක්‍රිස් රොජර්ස් ඇතුළු විදේශ පුහුණුකරුවන් තිදෙනකු පිළිබඳව මේ වන විට අවධානය යොමුවී ඇති බවත් එම පුහුණුකරුවන් අතර තරුණම පුහුණුකරු ක්‍රිස් රොජර්ස් බවත් ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පවසා ඇත.
ක්‍රිස් රොජර්ස් මේ වන විට වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහු සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව පවසා ඇති එම නිලධාරියා, 46 වැනි වියේ පසුවන රොජර්ස් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල නියෝජනය කළ ආරම්භක පිතිකරුවකු බවද සඳහන් කරයි.
ඉන්දීය තරගාවලියට පෙර හැකි ඉක්මණින් නව පුහුණුකරුවකු පත්කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් සහ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන යන අය පසුගිය සතියේ එම තනතුරුවලින් ඉල්ලා අස්වූහ.
ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන විදේශ පුහුණුකරුගේ සේවය පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එතරම් සතුටුදායක නොවන බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart