
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘතිම බුද්ධිය (AI) සමස්ත ආර්ථිකයටම අනුකලනය කිරීමට චීන රජය ගෙන යන ශීඝ්‍ර වැඩපිළිවෙළ හමුවේ එරට ක්ෂේත්‍ර ගණනාවක රැකියා අහිමිවීමේ දැඩි තර්ජනයක් මතුව ඇති බව ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ (AP) පුවත් සේවය වාර්තා කරයි. මෙහි වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ තරුණ ප්‍රජාවයි.
බීජිං නුවර මෘදුකාංග සමාගමක සේවය කළ 40 හැවිරිදි ෆෙයි ෂාඕජුන් ඇතුළු 160 දෙනෙකුට එකවර රැකියා අහිමි වූයේ ඔහුගේ ප්‍රධානියා AI මඟින් කේතකරණ (coding) කටයුතු කළ හැකිදැයි ප්‍රශ්න කිරීමෙන් සති දෙකකට පසුවය.
“මධ්‍යම මට්ටමේ කේතකරණය AI මඟින් ප්‍රතිස්ථාපනය කිරීම ඉතා පහසුයි,” යැයි පවසන ෆෙයි, මේ වන විට කෙටි වීඩියෝ නිර්මාණය කරමින් සිය අනාගතය දෙස බලමින් සිටියි.
‘IDC’ වෙළඳපොළ පර්යේෂණ ආයතනයට අනුව, 2024 දී චීන කාර්මික ව්‍යවසායන්ගෙන් AI භාවිත කළේ 9.6%ක් වුවද, පසුගිය වසර වන විට එය 47.5% දක්වා අදහාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇත.
තැපැල් අංශයේ පාර්සල් වෙන්කිරීම සඳහා දැනටමත් මානව රූපී රෝබෝවරුන් යොදවා ඇති අතර, මීට පෙර මිනිසුන් අතින් පමණක් සිදුවූ රථවාහන පාලන කටයුතු සඳහාද උන් යොදාගැනේ.
මීට අමතරව, ස්වයංක්‍රීය ආහාර බෙදාහැරීමේ රෝබෝවරුන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ මිලියන සංඛ්‍යාත නියුක්තිකයන්ගේ අනාගතයද අවදානමකට ලක්ව ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart