
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය මුහුදු යාත්‍රා සහ විදේශීය රාජ්‍යයන්ට අයත් හෝ හමුදා ගුවන් යානා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සඳහා වන නව සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය ලබන මාසයේ සිට ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව වාර්තා අනාවරණය කරයි.
මෙම මෙහෙයුම් පටිපාටිය මේ වන විටත් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරඇත.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී චීන රජයට අයත් චන්ද්‍රිකා ලුහුබැඳීමේ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හි මතභේදාත්මක ශ්‍රී ලංකා සංචාරයෙන් පසු, සමාලෝචනයකින් අනතුරුව කෙටුම්පත් කරන ලද නව මෙම මෙහෙයුම් පටිපාටිය, පසුගිය මස මුලදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා අතර පසුගියදා නවදිල්ලි නුවර පැවති හමුවේදීද විදේශීය යුද නැව්, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට කෙරෙන සංචාර කළමනාකරණය කිරීමේ වැදගත්කම සාකච්ඡා කර තිබේ.
චීන ජල විද්‍යාත්මක සමීක්ෂණ නෞකාවක් වන Hai Yang 24 Hao පසුගිය සතියේ බ්‍රහස්පතින්දා (10) කොළඹ වරායට පැමිණීමත් සමඟ මෙම මෙහෙයුම් පටිපාටිය නැවත වරක් අවධානයට ලක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart