
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන සතියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත G20 නායකයන්ගේ සමුළුව චීන ජනාධිපති ෂී ජින්පින්ග් මඟහැරීමට ඉඩ ඇතැයි ඉන්දියාවේ සහ චීනයේ ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවය වෙත සඳහන් කර ඇත.
ඉන්දීය නිලධාරීන් දෙදෙනෙක්, චීනය පදනම් කරගත් එක් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් සහ තවත් G20 රටක රජය වෙනුවෙන් සේවය කරන එක් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ, සැප්තැම්බර්0 9-10 දක්වා නවදිල්ලියේ පැවැත්වෙන රැස්වීම චීන අගමැති ලී ක්වියාං බීජිං නියෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.
තමන් නවදිල්ලියට නොයන බවත්, ඒ වෙනුවට විදේශ ඇමැති සර්ජි ලැව්රොව් යවන බවත්, මේ වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.
සත්කාරක ඉන්දියාවේ එක් ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ, ෂී ජින්පින්ග් වෙනුවට ”අගමැතිවරයා පැමිණෙන බව අපි දනිමු” යනුවෙනි.
කෙසේ වෙතත්, පසුගිය සතියේ දකුණු අප්‍රිකාවේ පැවති බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන නැගී එන ආර්ථිකයන්හි BRICS කණ්ඩායමේ නායකයන්ගේ රැස්වීමකට ෂී ජින්පින්ග් සහභාගී විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart