
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීනයෙන් මෙරටට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඊයේ (10) දැනුම් දුන්නේය.
මුදල් වංචාවට යොදාගත් පරිගණක 25ක් සම්බන්ධයෙන් විමර්ශන කරන බවද රහස් පොලිසිය වැඩිදුරටත් දැනුම් දුන්නේය.
චීන ජාතකයන් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනකු මීගමුවේ හෝටලයක් තුළ පවත්වාගෙන ගිය අන්තර්ජාලය හරහා මුදල් වංචා කර චීනයට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැනුම් දුන් රහස් පොලිසිය, මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා සහාය දෙන ලෙස විදෙස් විශේෂඥ පොලිස් කණ්ඩායම් මගින් කළ ඉල්ලීමට අනුව මෙම විශේෂ පොලිස් කණ්ඩායම විමර්ශන සඳහා සහාය දක්වන බව දැනුම්දුන්නේය.
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයින් 37 දෙනා ඇතුළු සැකකරුවන්ට මේ වන විට අධිකරණය මගින් ඇප නියම කර ඇති අතර පැමිණිල්ල ඔක්තෝබර් 24 වැනිදා කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart