
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීට වසර හතරකට පෙර (2021) චීනයේ සමාගමකින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබාදී රජයට ඇමරිකානු ඩොලර් මිලියන හයයි දශම නවයක (6.09) පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරුන් කීපදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (5දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෙත දැන්වීය.
එම සිද්ධියට අදාළ නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිර්පත් කරමින් විමර්ශන නිලධාරීර්න් ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර හිටපු ලේකම්වරයා එම පොහොර මෙරට භාවිතයට සුදුසු නොවන බව දැනදැනම එය ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
මෙම නිලධාරීන් අහිංසක ජනතාවගේ මුදල් සමඟ සෙල්ලම් කර තිබෙන බවක් විමර්ශනවලදී පෙනීයන බවද, උගත් යැයි කියාගන්නා ඇතැම් පුද්ගලයන් එම උගත්කම් භාවිතයට ගනිමින් මෙවැනි වංචාවල නිරත වන බවද විමර්ශන නිලධාහු අධිකරණය හමුවේ පැවසූහ.
මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරුන් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටින බවද විමර්ශන නිලධාහු අධිකරණයට දන්වා සිටියහ.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු වන මහේෂ් ගම්මන්පිල නමැත්තාට ඇප නියම කළහොත් විමර්ශනවලට බාධාවක් සිදුවිය හැකි බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද විමර්ශන නිලධාහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
කෙසේවෙතත් මහේෂ් ගම්මන්පිලට ඊයේ ඇප ලැබුණු නමුත්, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම නිසා ඔහුව යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart