
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නියම කර ඇති කොන්දේසි සපුරාලීමට අපොහොසත් බව පවසමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පවරාගන්නා ඉන්ධන පිරවුම්හල් චීනයේ සයිනොපෙක් සමාගමේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා පවරාදීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
සයිනොපෙක් සමාගම පසුගිය ජුලි 15වැනිදා සිට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළේය.
එම බෙදාහැරීම් වෙනුවෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 150ක් චීන සමාගමට පවරාදීමට නියමිතය.
ඊට අමතරව තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සයිනොපෙක් සමාගමට පහසුකම් සැලසීමටද ඛනිජතෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළකර ඇත.
මේ අතර ‘අරුණ’ පුවත්පතට අදහස් දක්වමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පවසා ඇත්තේ, සංස්ථාවට අයත් සියලුම ඉන්ධන පිරවුම්හල්වලට සියයට පනහක ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යාම අනිවාර්ය කර තිබියදී එයට අනුගත නොවෙමින් කටයුතු කරන සියලුම පිරවුම්හල් ඛනිජ තෙල් සංස්ථාව පාලනයට ගන්නා බවයි.
මේ වන විට පිරවුම්හල් 770කට මේ බව දන්වමින් ලිපි යොමු කර ඇති බවද ඔහු සනදහන් කර ඇත.
එම පිරවුම්හල් තවදුරටත් සියයට පනහක ඉන්ධන සංචිතයක් පවත්වාගෙන නොයන්නේ නම් ඒවා ඛනිජ තෙල් සංස්ථාව භාරයට ගන්නා බවද කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසයි.
මේ වන විට එම නීතීන්වලට අනුගත නොවූ රාජගිරියේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාලනයට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart