
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ උතුරුදිග ප්‍රදේශයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලක සිදු වූ වායු පිපිරීමකින් පුද්ගලයින් 90 දෙනෙකු පමණ මියගොස් තිබේ.
එරට ජනමාධ්‍ය වාර්තා කළේ අනතුරින් තවත් නව දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.
චින්යුවාන් ප්‍රාන්තයේ ලියුෂෙන්යු ගල්අඟුරු පතලේ මෙම වායු පිපිරීම සිදුවන අවස්ථාවේදී සේවකයන් 247 දෙනෙකු භූගතව සේවය කරමින් සිටි බව ෂින්හුවා පුවත් වාර්තා කර තිබිණි.
තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට සහ සෙවීමේ හා මුදාගැනීමේ කටයුතු සිදු කිරීමට බලධාරීන් කිසිදු උත්සාහයක් අතපසු නොකළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් කියා සිටි අතර, අනතුරට හේතුව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා නීතියට අනුකූලව දැඩි ලෙස වගවීම් තහවුරු කරන ලෙස නියෝග කර ඇති බව ද ෂින්හුවා පුවත් සේවයට වාර්තා කර ඇත.
අග්‍රාමාත්‍ය ලී චියෑන්ග් ද මෙම උපදෙස් අනුමත කරමින්, තොරතුරු කාලෝචිතව හා නිවැරදිව නිකුත් කරන ලෙසත් දැඩි වගවීමක් සහිතව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
චින්යුවාන් හි ප්‍රාදේශීය ආපදා කළමනාකරණ අධිකාරියට අනුව, මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතී.
වඩාත් දැඩි රෙගුලාසි සහ ආරක්ෂිත ක්‍රමවේදයන් හරහා, 2000 දශකයේ මුල් භාගයේ සිට චීනය ගල්අඟුරු පතල් ආශ්රිත මරණ (බොහෝ විට වායු පිපිරීම් හෝ ගංවතුර හේතුවෙන් සිදුවන) සැලකිය යුතු ලෙස අඩු කර ඇත.
කෙසේ වෙතත්, මෙම ලියුෂෙන්යු සිදුවීම පසුගිය දශකය තුළ චීනයෙන් වාර්තා වූ දරුණුතම අනතුරක් වේ. පතල සඳහා වගකිවයුතු සමාගමේ විධායක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේය.
මෙම සිදුවීම පිළිබඳ වාර්තා කරමින් ෂින්හුවා පුවත් සේවය පළමුව පවසා තිබුණේ පුද්ගලයන් අට දෙනෙකු පමණක් මියගොස් ඇති බව සහ 200 කට වැඩි පිරිසක් ආරක්ෂිතව මතුපිටට ගෙන ආ බවයි.
කෙසේවෙතත් පසුව මරණ සංඛ්‍යාව මෙතරම් ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතුව පිළිබඳව එහි පැහැදිලි කිරීමක් කර නොතිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart