
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක් වූ පිලිපීන නගරාධිපතිවරියකට මිනිස් ජාවාරම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
මැනිලා අගනුවරට උතුරින් පිහිටි කුඩා නගරයක නගරාධිපතිනිය ලෙස සේවය කළ ඇලිස් ගුඕ, සිය ගණනක් බලහත්කාරයෙන් වැඩ කිරීමට හෝ වධහිංසා පැමිණවීමේ අවදානමට ලක් කරන ලද චීනය විසින් මෙහෙයවන ලද අන්තර්ජාල සූදු මධ්‍යස්ථානයක් අධීක්ෂණය කිරීමේ වරදට වරදකාරිය වී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
නඩු විභාගයේදී අනාවරණ වී ඇත්තේ 35 හැවිරිදි ඇය පිලිපීන ජාතිකයෙකු නොව, නව යොවුන් වියේදී සංක්‍රමණය වූ චීන පුරවැසියෙකු බව විමර්ශකයින් අනාවරණ කර ගෙන ඇති බවයි.
ඇගේ ඇඟිලි සලකුණු මගින් ඇගේ සැබෑ නම ගුඕ හුවා පිං බවත් ඇය ගිනිකොනදිග චීනයේ ෆුජියන් පළාතේ උපත ලබා ඇති බවත් තහවුරු වී තිබේ.
පසුව ඇයට ධනවත් චීන ව්‍යාපාරිකයන් ගණනාවක් සමඟ සම්බන්ධතා ඇති බවත් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇය සමඟ දැන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය චෝදනාවලට මුහුණ දෙමින් සිටින බව ද වාර්තා වේ.
එරට ඉතිහාසයේ මහා පරිමාණ වංචාවක් ලෙස මෙය වාර්තා වී තිබූ අතර ඇයට අයත් බව කියන මධ්‍යස්ථානයක රඳවා සිටි මිනිස් ජාවාරම් සඳහා යොදාගත් පිලිපින ජාතිකයින් ඇතුළු 800 දෙනෙකු වැටලීම්වලදී මුදාගැනීමට ද පිලිපීන ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart