
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය සිය ‘ෂෙන්ෂෝ-23’ අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව දියත් කළේය.
මේ හරහා ප්‍රථම වතාවට චීන ගගනගාමියෙකු සම්පූර්ණ වසරක කාලයක් කක්ෂයේ ගත කිරීමට නියමිත අතර, එය 2030 වසර වන විට සඳ වෙත මිනිසුන් යැවීමට බීජිං පාලනය සතු අභිලාෂයේ තීරණාත්මක පියවරකි.
චීනයේ වයඹදිග ගෝබි කාන්තාරයේ පිහිටි ජියුක්වාන් දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන්, සැලසුම් කළ පරිදි ‘ලෝන්ග් මාර්ච් 2-එෆ්’ (Long March 2-F) රොකට්ටුව ගුවන්ගත කළ බව චීන රාජ්‍ය රූපවාහිනිය වන CCTV ඔස්සේ විකාශය කෙරුණු දර්ශන මඟින් පෙන්වා දුන්නේය.
ඉන් මිනිත්තු 10 කට පමණ පසු අභ්‍යවකාශ යානය රොකට්ටුවෙන් වෙන්වී සාර්ථකව කක්ෂයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය.
“ගගනගාමීන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, දියත් කිරීම සම්පූර්ණයෙන්ම සාර්ථකයි,” යනුවෙන් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටින ගගනගාමීන් අතර හොංකොංහි හිටපු පොලිස් පරීක්ෂකවරියක වන ලී ජියායින්ග් වන අතර ඇය චීන අභ්‍යවකාශ මෙහෙයුමකට සහභාගී වන හොංකොං නගරයේ පළමු ගගනගාමියා බවට පත්වෙයි.
මෙම මෙහෙයුමේ සෙසු සාමාජිකයන් වන්නේ අණදෙන නිලධාරී ෂූ යැන්ග්ෂු සහ ගුවන් නියමු චැන්ග් යුවාන්චි ය.
ඔවුන් දෙදෙනාම චීන මහජන විමුක්ති හමුදාවේ ගගනගාමී අංශයට අයත් නිලධාරීහු වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart