
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ආයෝජනය කිරීමට චීනය කැමැත්ත පළකර ඇති බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් පවසයි.
කෙසේවෙතත්, ත්‍රිරිකුණාමලය උපාය මාර්ගික වරාය පවතින දිස්ත්‍රික්කයේ සිදුකෙරෙන ඕනෑම සංවර්ධනයක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුකූලව ඉන්දියාව සමඟ එකඟතාවයකින් කළයුතු බවද හෙතෙම පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර පළාත් දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයට සමීප වන අතර, තමිල්නාඩුවට වඩා සංස්කෘතික සමානකම් ඇති වාර්ගික සුළුතර දෙමළ ජාතිකයන් ප්‍රමුඛ පළාත් දෙකෙහිම චීනයේ ක්‍රියාකාරකම් වැඩිවීම සම්බන්ධයෙන් ඉන්දියාව දිගින් දිගටම ආරක්ෂක ගැටළු මතුකර ඇත.
ඒ අනුව ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශයේ සිදුකෙරෙන ඕනෑම සංවර්ධනයක් ඉන්දීය රජයේ එකඟතාවයෙන් සිදුවිය යුතු බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළකළේය.
“ඕනෑම කෙනෙකුට පැමිණ ආයෝජනයට උදව් කිරීමට අවස්ථාවක් තිබෙනවා. විශේෂයෙන්ම මත්ස්‍ය සහ කකුළුවන් වගාව වැනි මුහුදු ආහාර ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමට පුළුවන්. උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ආයෝජනය කිරීමට හැකියි. නිෂ්පාදනය වැඩිකර ජනතාව අතර දිළිඳුකම අවම කිරීම අපේ අරමුණයි.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart